මොහොමඞ් සහරාන් සමග සම්බන්ධතා පැවැත්වීම හේතුවෙන් පේරාදෙණිය ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් සැකකරුගෙන් රැඳවුම් නියෝග ලබාගෙන ප‍්‍රශ්න කරන බව පොලීසිය පවසනවා.
පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සදහන් කලේ ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසය විමර්ශන සිදු කරන බවයි.
පේරාදෙණිය හේන්දෙණිය ප‍්‍රදේශයේ දී ඊයේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මොහොම්මදු මුක්තාර් ආශිෆ් නැමැති 29 හැවිරිදි පුද්ගලයෙක්.
සැකකරු මොහොමඞ් සහරාන් සමග මහනුවර අරුප්පල ප‍්‍රදේශයේදී අවි පුහුණුව ලබා ඇති බවට අණාවරණය වී තිබෙනවා.
සහරාන් සමග පුහුණුවීම් ලැබීම හේතුවෙන් මීට පෙර අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු ද වැඩිදුර විමර්ශන සදහා ඊයේ ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසයට භාර දුන්නා.