News Line| Off Air
Generic placeholder image

Jul
10

ඡන්ද දායකයා සුනඛයෙක් හෝ කාක්කෙක් නොවී සිංහයන් සේ ජීවත් විය යුතුයි – ඇමති පාඨලී කියයි

482 Views


ඡන්ද දායකයා සුනඛයෙක් හෝ කාක්කෙක් නොවී සිංහයන් සේ ජීවත් විය යුතුයි – ඇමති පාඨලී කියයි

ශී‍්‍ර ලාංකිකයින් යනු රුපියලක් සංවර්ධනයට වැය කරන විට රුපියල් තුනක් ණය ගෙවීමට සිදුවන ජාතියක් බව මහනගර හා බස්නාහිර සංගම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප‍්‍රකාශ කරනවා.

ජනතාව දෙනවා කියන තැනට ඇදෙන බවත් එලෙස ඇදෙන විට දේශපාලඥයින් ජනතාව ඇදගන්න ක‍්‍රමය එය බවත් සිතන අතර අද දේශපාලනය බලු කපුටු දානයකට සමාන බව ඔහු කියා සිටියා.

මෙලෙස ඡන්ද දායකයා හැමදාම සුනඛයෙක් හෝ කාක්කෙක් ලෙස ජීවත් නොවී සිංහයන්, රාජාලියන් මෙන් ඔදවත් තෙදවත් බලගතු පුද්ගලයන් විය යුතු අතර තමාගේ ස්වශක්තියෙන් නැගිට ආදායම් උපදවන ක‍්‍රමවේදයකට ගොස් රට නිර්මාණය කළ යුතු බව අමාත්‍යවරයා වැඩිදුරටත් කරුණු දක්වමින් ප්‍රකාශ කළා.


News Articles
Latest Videos
Most Popular Post