News Line| Off Air
Generic placeholder image

Jul
10

පූජිතට හා හේමසිරිට ඇප දීමට එරෙහිව නීතිපති මහාධිකරණයට

541 Views


පූජිතට හා හේමසිරිට ඇප දීමට එරෙහිව නීතිපති මහාධිකරණයට

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාව තුළින් සිදු වු සියලු මනුෂ්‍ය ඝාතන සියල්ලම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර යන දෙදෙනා සම්පූර්ණයෙන්ම වගකිව යුතු බවත් ඊට අදාලව දණ්ඩනීති සංග්‍රහයේ ප්‍රකාර ” මිනිමැරුම් චෝදනා” යටතේ ඉදිරිපත් කල ඔවුන් දෙදෙනා ඇප මත මුදා හැරිමට කොළඹ මහේස්ත්‍රාත්වරිය ගන්නා ලද පියවරට එරෙහි ප්‍රතිශෝධන අයදුම්පතක් මහාධිකරණය හමුවේ ගොනු කිරිමට නීතිපති දප්පුල ද ලිවේරා මහතා තීරණය කර ඇති බව වාර්තා වෙනවා.
තවදුරටත් එකි විමර්ෂණවලදි 40 දෙනකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කොට ගෙන ඇති බවත් මොවුන් දෙදෙනා ප්‍රකාශ ලබාදීමට ඉදිරිපත් නොවි මගහැර සිටි බවත් සටහන් කර ගන්නා ලද ප්‍රකාශ තුළින් මෙම සැකකරුවන් දෙදෙනාගේ භුමිකාව පිළිබද වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර ගැනිමට හැකි වු බවද නීතිපතිවරයා මෙහිදි වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙන බව සදහන් වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post