News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
10

ගත වූ මාස 05 තුළ රියඅනතුරු වලින් පුද්ගලයින් 1164 ක් මරුට

557 Views


ගත වූ මාස 05 තුළ රියඅනතුරු වලින් පුද්ගලයින් 1164 ක් මරුට

ගතවූ පැය 24 තුළ සිදුවූ රිය අනතුරු වලින් පුද්ගලයින් 05 දෙනෙකු මිය ගොස් තිබෙනවා. එම රිය අනතුරු සිදුව ඇත්තේ මාන්කුලම් ඇල්ල ඇඹිලිපිටිය වත්තල හා මොණරාගල ප‍්‍රදේශ වලයි.

වසරේ ගතවූ මාස 05 ක කාලය තුළ සිදුවූ අනතුරු වලින් පුද්ගලයින් 1, 164 දෙනෙතු මිය ගොස් තිබෙනවා. එම කාල සීමාව තුළ වාර්තා වී ඇති රිය අනතුරු සංඛ්‍යාව 1, 093 ක්.

බීමත් රියදුරන් 263 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ ඊයේ පෙරවරු 06 .00 සිට අද පෙරවරු 06 .00 දක්වා සිදු කල මෙහෙයුම් වලදී එම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි.

මේ අතර දින 04 ක කාලය තුළ දී සිදුකළ වැටලීම් වලදී බීමත් රියදුරන් 1, 763 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ දීපව්‍යාප්ත විශේෂ මෙහයුමක් ආරම්භ කළේ පසුගිය 05 වනදා යි. මාසයක කාලයක් මෙහෙයුම සිදු කිරීමට පොලිසිය තීරණය කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post