News Line| Off Air
Generic placeholder image

Jul
10

හම්බන්තොටින් නීති විරෝධී යකඩ තොගයක්

464 Views


හම්බන්තොටින් නීති විරෝධී යකඩ තොගයක්

හම්බන්තොට වරාය පරිශ‍්‍රයේ සිට ලොරි රථයකින් නීති විරෝධී ලෙස යකඩ තොගයක් ප‍්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ලොරි රථයේ තිබී යකඩ කිලෝ 1500 ක ප‍්‍රමාණයක් සොයා ගත් බවයි නාවික හමුදාව සඳහන් කළේ.
අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 23 ත් 39 ත් අතර වයස් සීමා වල අම්බලන්තොට සහ හම්බන්තොට ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයින් තුන් දෙනෙක්.
වැටලීම සිදුකර ඇත්තේ නාවික හමුදාව සහ පොලීසිය එක්ව සිදුකළ මෙහෙයුමකදීයි.
සැකකරුවන් යකඩ තොගය සහ ලොරි රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා හම්බන්තොට, පොලීසිය වෙත භාරදී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post