ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ශී‍්‍ර ලංකා කණ්ඩායමේ දක්‍ෂතා සහ දුර්වලතා පදනම් කර ගනිිමින් ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය ප‍්‍රගති වාර්තාවක් එළිදක්වා තිබෙන බව වාර්තා වෙනවා එහි දක්වා ඇත්තේ ශී‍්‍ර ලංකා පිළ තරගාවලියට එක්වූයේ අස්ථාවර කණ්ඩායමක් ලෙසින් බවය. ඒ අනුව නවක නායකයෙකු සහ කී‍්‍රඩකයින් කිහිප දෙනෙකු කලකට පසු එක්දින සංචිතයට එක්වීම ඊට හේතු ලෙස දක්වා තිබුනු අතර ශී‍්‍ර ලංකා කණ්ඩායමේ යම් සාධනීය කරුණු දෙකක් ද මෙහි අනාවරණ කර තිබෙනවා. එක් කරුණක් වන්නේ තවමත් 21 වන වියේ පසුවන අවිශ්ක ප‍්‍රනාන්දුගේ දක්‍ෂතා සහ එමෙන්ම ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයින් වන ලසිත් මාලිංග සහ ඇන්ජලෝ මැතිව්ස්ගේ දක්‍ෂතාද එහිදී අගය කර තිබෙනවා.
ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේදී ශී‍්‍ර ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් බිද හෙළා ඇත්තේ කඩුළු 30 ක් පමණක් බවත් ඒ සඳහා පන්දුවාර 219 යි පන්දු 3 ක් වැය කර තිබෙන බවත් නමුත් ඕස්ටේ‍්‍රලියාවේ මිචෙල් ස්ටක් පමණක් එම පන්දුවාර සංඛ්‍යාවෙන් තුනෙන් එකක් පමණක් යවමින් කඩුළු 26 ක් බිද හෙළා ඇති බවයි අදාළ වාර්තාවේ දැක්වෙන්නේ. එමෙන්ම ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේදී ශී‍්‍ර ලංකා කණ්ඩායමේ පිතිකරුවන් දෙදෙනෙකු අතර ලකුණු සියයක සබඳතා ගොඩනැගී ඇත්තේ අවස්ථා 2 කදී පමණක් බවත් පෙන්වාදෙමින් නමුත් ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් පමණක් එවැනි සබදතා 4 ක් ගොඩනගා ඇති බව එම වාර්තාවේ වැඩි දුරටත් සදහන් වෙනවා.
ශී‍්‍ර ලංකා කණ්ඩායමේ කඩුල්ලක් ලකුණු 26.14 ක සාමාන්‍යයක් තුළ බිද වැටී තිබෙන බවද එසේ ගත් කළ ශී‍්‍ර ලංකා කණ්ඩායමට සියළු දෙනා දැවී තරගයකදි රැස් කර ගත හැකි සාමාන්‍ය ලකුණු සංඛ්‍යාව 261 ක් පමණ නිසාත් එය තරග ජයග‍්‍රාහී ලකුණක් නොවන බවද ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය පෙන්වා දී තිබෙනවා.