අයුර්වේද දෙපාර්තුමේන්තුවේ ලියාපදිංචි නොවි ආයුර්වේද වෛදයවරයෙකු ලෙස පෙනි සිටිමින් ආයුර්වේද මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය ව්‍යාජ වෛද්‍යවරයෙක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙනවා.
මෙම වෛද්‍යවරයා අයුර්වේද දෙපාර්තුමේන්තුවේ ලියාපදිංචි වි ඇති ආයුර්වේද වෛද්‍යවරයෙකුගේ ලියාපදංචි අංකය යටතේ හැටන් බස් නැවතුම්පොල භුමියේ මෙම ආයුර්වේද මධ්‍යස්ථානය කාලයක් තිස්සේ පවත්වාගෙන ගොස් ඇති බව හැටන් පොලිසිය විසින් සිදු කරන ලද මුලික පරික්ෂණ වලදි අනාවරණය වි ඇති බව පැවසෙනවා.
හැටන් දික්ඔය නගර සභාවේද කිසිඳු අනුමැතියක් ලබා නොගෙන සැකකරු ආයුර්වේද ප්‍රතිකාර ලබා ගන්නට පැමිණෙන රොගින්ගෙන් විශාල මුදලක් අය කර ප්‍රතිකාර ලබා දි ඇති අතර අත් අඩංගුවට ගත් සැකකරු හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව හැටන් පොලිසිය වැඩිදුරටත් සදහන් කළා.