News Line| Off Air
Generic placeholder image

Jul
10

ඉන්ධන මිල ගණන් පහතට

1302 Views


ඉන්ධන මිල ගණන් පහතට

අද මධ්‍යම රාති‍්‍රයේ සිට කි‍්‍රයාත්මක වන පරිදි ඉන්ධන මිල පහත දමා තිබෙනවා.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට‍්‍රරල් ලීටරයක මිල රුපියල් 2 කින් පහත දැමීමටයි මුදල් අමාත්‍යංශය පියවර ගෙන ඇත්තේ.

ඔක්ටේන් 92 වර්ගයේ පෙට‍්‍රරල් ලීටරයක නව මිල රුපියල් 136 යි.

ඔක්ටේන් 95 පෙට්රල් ලීටරයක් රුපියල් 5 කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 159 යි.

සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 5 කින් පහත දමා තිබෙනවා. එහි නව මිල රුපියල් 131 යි.

රුපියල් 104 ක්ව පැවති ඔටෝ ඩීසල් ලීටරයක මිලෙහි කිසිදු වෙනසක් සිදුව නැහැ.

මාසිකව සිදුවන ඉන්ධන මිල සංශෝධනයට අනුව මෙලෙස ඉන්ධන මිල ගණන් අඩුකිරීමට මුදල් අමාත්‍යංශය තීරණය ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post