News Line| Off Air
Generic placeholder image

Jul
11

අගමැති මෝදී පරාජය වූ ඉන්දීය කණ්ඩායම සනසයි

882 Views


අගමැති  මෝදී  පරාජය වූ ඉන්දීය  කණ්ඩායම සනසයි

ඊයේ පැවති ලෝක කුසලාන අවසන් පුර්ව තරගයෙන් නවසීලන්තය හමුවේ පාරජයට පත් වූ ඉන්දීය කණ්ඩායමට ඉන්දීය අගමැති මොදී සිය ටිවිටර් ගිණුම හරහා ජය පරාජය ගැන උපදෙස් දෙමින් සුබ පැතුම් එක කර සිටියා. ඒ අනුව අගමැතිවරයා ප්‍රකාශ කර සිටියේ,

“බලාපොරොත්තු සුන්වූ ප්‍රතිපලයක් වුවත් ඉන්දියානු කණ්ඩායම අවසානය දක්වා සටන් කිරීම සතුටක්. තරඟාවලිය පුරාවට ඉන්දියානු කණ්ඩායම පන්දුවට පහරදීම, පන්දු යැවිම සහ පන්දු ‍රැකීම හොඳින් සිදු කළ අතර එයින් අපි ආඩම්බරයට පත් වීමු. ජයග්‍රහණය සහ පරාජ වීම ජීවිතයේම කොටසක්. කණ්ඩායමේ අනාගත උත්සාහයන් සඳහා සුභ පැතුම්” යනුවෙන්ය.

කෙසේ වෙතත් ඉන්දීය කණ්ඩායම ලද මෙම පරාජය ඉන්දිය ක්‍රීඩා ලෝලීන් දැඩි ලෙස කම්පනයට ආවේගයට ලක් කරන්නට හේතු වුණා. ක්‍රීඩා ලෝලීන් පමණක් නව ඉන්දීය කණ්ඩායම පවා හඩා වැටෙමින් සිය පාරජයේ වේදනාවන් විදි බවට වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post