News Line| Off Air
Generic placeholder image

Jul
11

වෛද්‍ය ෂාෆිට එරෙහි නඩුව අද යළි විභාගයට

384 Views


වෛද්‍ය ෂාෆිට  එරෙහි නඩුව අද යළි විභාගයට

කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය මොහොමඩ් ෂාෆිට එල්ලවී ඇති, අයථා වත්කම් ඉපයීම, මව්වරුන්ට වඳ සැත්කම් කිරීම සහ ත්‍රස්ත සංවිධානවලට උපකාර කිරීම යන චෝදනා පිළිබඳ නඩුව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේදී අද(11) යළි විභාග ගැනීමට නියමිත බව වාර්තා වෙනවා.එහිදී මව්වරුන්ගේ පැමිණිලි විමර්ශනයට සුදුසු වෛද්‍ය පරීක්ෂණය කුමක්දැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ නිර්දේශ ඇතුළත් වාර්තාව ද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

එමෙන්ම මේ අතර වෛද්‍යවරයාට එරෙහිව ඊයේ(10) ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කෙරුණු අතර මේ සදහා සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය, යුක්තිය උදෙසා මව්වරුන්ගේ සංගමය, සුරකිමු ශ්‍රී ලංකා සංවිධානය ඇතුළු සංවිධාන කිහිපයක නියෝජිතයින් එකතු වුණා.


News Articles
Latest Videos
Most Popular Post