News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
11

හැදුනුම්පතට පමා නොවී අයැදුම් කළ යුතු බවට සා.පෙළ සිසුන්ට දැන්වීමක්

525 Views


හැදුනුම්පතට පමා  නොවී අයැදුම් කළ යුතු බවට සා.පෙළ සිසුන්ට දැන්වීමක්

මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන් වෙනුවෙන් ජාතික හැදුනුම්පත් නිකුත් කිරීම ලබන සැප්තැම්බර් මාසය තුළ අවසන් කිරීමට අපේක්ෂා කරන බැවින් පමා නොවී හැඳුනුම්පතට අයදුම් කරන්න යැයි මෙවර මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන්ට පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තුමේන්තුව දැනුම් දෙනවා.

සාමාන්‍ය පෙළ විභාගය සඳහා මෙවර පෙනී සිටින අයදුම්කරුවන්ගෙන් සියයට 5ක් පමණ ජාතික හැදුනුම්පත් ලබා ගැනීමට දැනටමත් අයදුම්කර ඇතැයි විශ්වාස කරන බවයි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තුව වැඩිදුරටත් පැවසුවේ.එම අයදුම්පත‍්‍රවලට අදාලව ජාතික හැදුනුම්පත් සකස් කිරීමේ කටයුතු දැන් සිදු කෙරෙන බවද එම නිසා ජාතික හැදුනුම්පත් ලබා ගැනීම සඳහා තවමත් අයදුම්කර නොමැති නම් පමා නොවී ඒ සඳහා අයදුම් කරන ලෙස මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අයදුම්කරුවන්ගෙන් ඉල්ලීමක් ද කරන බවයි එහිදී වැඩිදුරටත් සඳහන් කෙරුණේ.


News Articles
Latest Videos
Most Popular Post