News Line| Off Air
Generic placeholder image

Jul
11

නයගරා ඇල්ලෙන් ඇදවැටී දිවිබේරාගත් දෙවැන්නා වාර්තා වෙයි

1008 Views


නයගරා ඇල්ලෙන් ඇදවැටී දිවිබේරාගත් දෙවැන්නා වාර්තා වෙයි

නයගරා දිය ඇල්ලට අයත් දියඇළි තුනෙන් විශාලතම දිය ඇල්ල ලෙස සැලකෙන ‘‘හෝර්ස් ෂූ’’ ඇල්ලේ කැනඩාවට දෙසින් වූ ප‍්‍රදේශයේ අඩි 188 ක් උසකින් ඇදවැටී සිටියදීයි පොලීසිය විසින් පුද්ගලයෙක් සොයාගෙන ඇති බව වාර්තා වෙනවා.අදාළ ස්ථානයට ජිවිතාරක්ෂක භටයින් ළගාවනවිටත් එම පුද්ගලයා දියෙන් ගොඩට පැමිණ සිට ඇති බවයි වාර්තා වන්නේ. ජීවිත හානියක් සිදු නොවී ඔහුගේ දිවි බේරීම පුදුම සහගත කි‍්‍රයාවක් බව ද එම බලධාරීන් පවසන්නේ.

මුදා ගැනුණු අදාළ පුද්ගලයා රෝහල් ගත කර ඇතත් මෙතෙක් ඔහුගේ අනන්‍යතාව තහවුරු කර නැති අතර නයගරා ඇල්ලෙන් ඇදවැටී දිවි බේරා ගත් දෙවන පුද්ගලයා ලෙසයි ඔහු වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post