News Line| Off Air
Generic placeholder image

Jul
11

ඉන්දියාවේ පරාජයට දෝනිගේ අවාසනාව හා කෝලිගේ උපන් වර්ෂය බලපාලා

1978 Views


ඉන්දියාවේ පරාජයට දෝනිගේ අවාසනාව හා කෝලිගේ උපන් වර්ෂය බලපාලා

ගි‍්‍රන්ස්ටෝන් ලෝබෝ වසර ගණනක් තිස්සේ ප‍්‍රධාන පෙළේ කි‍්‍රකට් තරගවලදී අනාවැකි පළ කර තිබෙනවා. 2011 සහ 2015 තරගාවලි වලදී ඔහු නිවැරදිම අනාවැකි පළ කර තිබුණා.

ලෝබෝ විශ්වාස කරන්නේ නායක විරාට් කෝලිගේ උපන් වර්ෂය මෙවර ලෝක කුසලාන තරගාවලිය ජයග‍්‍රහණය කිරීමට ඉන්දියානු පිලට බාධාවක් වන බවයි. ඔහු පවසන්නේ ඉන්දියානු පිලේ නායකයාගේ උපන් වසර 1980 හෝ 1987 වූයේ නම් ඉන්දියානු පිලට පැහැදිලිව ජයග‍්‍රහණය කිරීමට හැකි වන බවයි.

bdcrictime.com වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් ලෝබෝ පවසා තිබුණේ තමා විරාට් කෝලිගේ කුඩා කළ පුහුණුකරු සමග මේ ගැන සාකච්ඡා කළ බවයි.

”මට දැනගැනීමට අවශ්‍ය වූයේ විරාට් කෝලිගේ උපන් වර්ෂය කුමක්ද යන්නයි” ගි‍්‍රන්ග්ස්ටෝන් ලෝබෝ පවසන්නේ. පිළිතුර ලෙස විරාට්ගේ පුහුණුකරු පවසා තිබුණේ උපන් වර්ෂය 1988 බවයි.

”මම කෝලිගේ පුහුණුකරු වන රාජ් කුමාර් ශර්මාට පැහැදිලි කළා කෝලිගේ උපන් වර්ෂය 1980 හෝ 1987 හෝ වූයේ නම් නියත වශයෙන් මෙවර ලෝක කුසලානය ජයග‍්‍රහණය කිරීමට හැකි වන බව. ඒ කාරණය නිසා මෙවරත් ලෝක කුසලානය ජයග‍්‍රහණය කරන්නට බැරි වෙයි කියලත්”

මහේන්ද්‍ර සිං දෝනි පිලිබදවත් ලෝබෝ මෙහිදී අදහස් දක්වා තිබුණා. මේ ජ්‍යෝතීර්වේදීයා පවසා තිබුණේ මහේන්ද්‍ර සිං දෝනි ඇතුලත්ව නොසිටියේ නම් ඉන්දියානු පිලට මෙවර ලෝක කුසලාන තරගාවලිය ජයග‍්‍රහණය කිරීමට ඉඩ කඩ තිබුණ බවයි.
ඔහු පවසන්නේ දෝනි සාමාන්‍යයෙන් වාසනාවන්ත කී‍්‍රඩකයෙක් වුවද මෙවර ලෝක කුසලාන තරගාවලියේදී එම වාසනාව ඔහුගේ කණ්ඩායමට නොලැබෙන බවයි.

”දෝනි මම ගරු කරන පිතිකරුවෙක්. අකමැත්තෙන් වුණත් මට කියන්න තියෙන්නේ ඔහු මෙවර ලෝක කුසලානයට සහභාගි වීම කණ්ඩායමේ ජයග‍්‍රහණයට බාධාවක් බවයි.ඔහු ඇත්තටම වාසනාවන්ත කී‍්‍රඩකයෙක් ඒ වුණත් ඒ වාසනාව ඉන්දීය කණ්ඩායමට මෙවර තරගාවලියේදී ලැබෙන්නේ නෑ.”

එහෙත් ඉන්දියානු කි‍්‍රකට් ලෝලීන් බලා සිටින්නේ ලෝබෝගේ අනාවැකිය බොරු කරමින් තෙවෙනි වරටත් ඉන්දියාව කි‍්‍රකට් ලෝක කුසලානය දිනාගන්නා තෙක්ය.


News Articles
Latest Videos
Most Popular Post