News Line| Off Air
Generic placeholder image

Jul
11

වෛද්‍ය ෂාෆි සම්බන්ධ නඩු විභාගය පැවැත්වෙන මහේස්ත්‍රාත් අධිකරණය අසල විරෝධතාවක්

965 Views


වෛද්‍ය ෂාෆි සම්බන්ධ නඩු විභාගය පැවැත්වෙන මහේස්ත්‍රාත් අධිකරණය අසල විරෝධතාවක්

වෛද්‍ය ෂාෆි සම්බන්ධ නඩු විභාගය පැවැත්වෙන මහේස්ත්‍රාත් අධිකරණය අසල සිංහලේ ජාතික සංවිධානය අද විරෝධතාවක් පවත්වා තිබෙනවා.

සිංහලේ ජාතික සංවිධානයේ සභාපති ඩෑන් ප්‍රියසාද් ඇතුලු පිරිසක් මෙම විරෝධතාව ආරම්භ කර ඇති අතර වෛද්‍ය මොහොමඩ් ෂාෆිට එල්ල වී ඇති අයථා වත්කම් ඉපයීම, මව්වරුන්ට වඳ සැත්කම් කිරීම සහ ත්‍රස්ත සංවිධානවලට උපකාර කිරීම යන චෝදනා පිළිබඳ නඩුව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේදී අද යළි විභාග කෙරෙනවා.

එහිදී මව්වරුන්ගේ පැමිණිලි විමර්ශනයට සුදුසු වෛද්‍ය පරීක්ෂණය කුමක්දැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ නිර්දේශ ඇතුළත් වාර්තාව ද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සැකසහිත ලෙස වත්කම් උපයා ගැනීමේ චෝදනා මත දැනට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඩ් ෂාෆි අද පෙරවරවේ කුරුණෑගල මහේස්ත්‍රාත් සම්පත් කාරියවසම් මහතා ඉදිරියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරණු ලැබුවා.

එහිදී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා කරුණු දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ පසුගිය 27 වනදා අධිකරණය විසින් විමර්ශන සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා‍දෙන ලද නියෝග අනුව සංකීර්ණ තත්ත්වයක් උදා වී ඇති බවයි.

ඒ අනුව බී වාර්තා ඉදිරිපත් කර අධිකරණයෙන් නිශ්චිත නියෝග කිහිපයක් ලබා ගැනීමට අපේක්ෂා කරන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පෙන්වා දී තිබෙනවා.

එහිදී මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කර ඇත්තේ නීතිපති දෙපාර්තමේන්තුව මෙම නඩුවට පෙනී සිටිය යුතුව තිබුණේ අද නොව මීට පෙර අවස්ථාවේදී බවයි. කෙසේවෙතත් නඩුව වැඩිදුර සලකා බැලීම අද පස්වරු 01.00 දක්වා කල් තැබීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබුවා.


News Articles
Latest Videos
Most Popular Post