බි‍්‍රතාන්‍යයේ සිට මෙරටට ආනයනය කර ඇති කසළ කන්ටේනර් තොගය ආපසු හරවා යවන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය රේගුවට දැනුම් දී තිබෙනවා.
කන්ටේනර් පරීක්ෂා කිරීමෙන් අනතුරුව එම අධිකාරිය දැනුම් දීම සිදුකර ඇති බවයි රේගු දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
කන්ටේනර් තොගය හරවා යවන ලෙස දැනුම් දී ඇත්තේ විශාල පරිසර හානියක් සිදුවිය හැකි බව පවසමින්.
කන්ටේනර් සියයක් පමණ ආනයනය කර ඇති අතර එම කන්ටේනර් තුළ භාවිත කළ නොහැකි මෙට්ට, කාපට් වැනි අපද්‍රව්‍ය පවතින බව රේගුව පවසනවා.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක‍්‍රියාත්මකයි.