News Line| Off Air
Generic placeholder image

Jul
11

අඩු කළ මිලට ඉන්ධන ලබා නොදෙන පිරවුම්හල් වලට නීතිය කි‍්‍රයාත්මක කරනවා

1374 Views


අඩු කළ මිලට ඉන්ධන ලබා නොදෙන පිරවුම්හල් වලට නීතිය කි‍්‍රයාත්මක කරනවා

සංශෝධිත මිලට ඉන්ධන අලෙවි නොකරන ඉන්ධන පිරවුම්හල්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජී.එස් විතානගේ මහතා පවසනවා.

සංශෝධිත මිල ගණන් යටතේ ඉන්ධන අලෙවි නොකරන පිරවුම්හල් සම්බන්ධයෙන් සංස්ථාවේ අලෙවි අංශයේ සාමාන්‍යාධිකාරීවරයාට පැමිණිලි ඉදිරිපත් කළ හැකි බවද විතානගේ මහතා කියා සිටියා.

ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල පහළ යාමේ වාසිය පාරිභෝගික ජනතාවට ලබාදෙමින් රජය විසින් මිල සූත්‍රයට අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල පහත දැමීමට පියවර ගනු ලැබුවා.

එමෙන්ම ලංකා අයි ඕ සී සමාගමද ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල පහත දමා තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post