News Line| Off Air
Generic placeholder image

Jul
11

මධ්‍යම පළාතේ ගොවි ජනතාව වෙත වායු රයිෆල් 100 ක්

1018 Views


මධ්‍යම පළාතේ ගොවි ජනතාව වෙත වායු රයිෆල් 100 ක්

වගාවන්ට වන හානිය අවම කර ගැනීම සඳහා මධ්‍යම පළාතේ ගොවි ජනතාව වෙත වායු රයිෆල් 100 ක් මධ්‍යම පළාත් ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා විසින් ඊයේ (10) ආණ්ඩුකාර කාර්යාල ශ්‍රවනාගාරයේදී ලබා දී තිබෙනවා.

මධ්‍යම පළාතේ ගොවි ජනතාව විසින් මධ්‍යම පළාත් ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහත්ගෙන්, තමන්ගේ වගාවන් වන සතුන්ගෙන් ආරක්ෂා කිරීම සදහා කිසියම් වැඩසටහනක් ක්‍රියාත්මක කර දෙන මෙන් ඉල්ලීමක් කල අතර,එම ඉල්ලීම මත ආණ්ඩුකාරවරයා විසින් මෙසේ වායු රයිෆල් ලබා දීම සිදු කර ඇති බව සදහන්.

මධ්‍යම පළාත් කෘෂිකර්ම අමාත්‍යංශයට උපදෙස් ලබාදෙමින් මහනුවර, නුවරඑළිය, මාතලේ යන දිස්ත්‍රික්ක නියෝජනය කරන ගොවි මහතුන් වෙත 50% ක ගොවි දායකත්වයෙන් ආරක්ෂක අමාත්‍යංශයේ අනුමැතිය සහිත වායු රයිෆල් 100 ක් මෙසේ ලබා දී ඇති බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post