News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
11

වැව් ගම් පුබුදුව යටතේ ලබන මසදී වැව් 140 ක් ජනතා අයිතියට

885 Views


වැව් ගම් පුබුදුව යටතේ ලබන මසදී වැව් 140 ක් ජනතා අයිතියට

දිස්ත්‍රික්ක 7 ක කෘෂි ආර්ථිකය පෝෂණය කරන වැව්ගම් පුබුදුව වැඩසටහන කඩිනම් කරමින් ඉදිරි මාස කිහිපය තුළ එහි ප්‍රතිලාභ ජනතාවට ලබාදෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් ලබාදී තිබෙනවා.

මෙම ව්‍යාපෘතිය ජනාධිපතිවරයාගේ සංකල්පයක් මත හරිත දේශගුණික අරමුදලේ සහ ශ්‍රී ලංකා රජයේ දායකත්වයෙන් ක්‍රියාත්මක වන බව සදහන්.

පොළොන්නරුව, කුරුණෑගල, අනුරාධපුර, වව්නියාව, පුත්තලම, ත්‍රිකුණාමලය සහ මන්නාරම යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් මල්වතුඔය, මීඔය සහ යාන් ඔය ගංගා ද්‍රෝණි ආශ්‍රිතව වැව්ගම් පුබුුදුව වැඩසටහන ක්‍රියාත්මක වන අතර ඉන් වැව් 140 ක සංවර්ධන කටයුතු මේ වනවිට නිම කර ඇති බවත් ඒවා ලබන මාසයේ ජනතා අයිතියට පත්කරන බවටත් ජනාධිපතිවරයා උපදෙස් ලබාදී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post