ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පුර්ව තරගය ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය කණ්ඩායම අතර ඊයේ බර්මින්හැම් හිදි පැවැත්වුණා.
ප්‍රබල ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ලෝක කුසලාන සිහිනය බොඳ කරමින් මෙවර ලෝක කුසලානයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.ඒ ඕස්ට්‍රේලියානු කණ්ඩායම එරෙහිව එංගලන්ත කණ්ඩායම විසින් කඩුළු 8ක ජයක් වාර්තා කරමින්ය.
සත්කාරක එංගලන්ත කණ්ඩායම අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලැබීමට සමත් වුණ අතර ඒ අනුව නවසීලන්ත කණ්ඩායම සමග එළඹෙන 14 වැනිදා ලෝඩ්ස් ක්‍රිඩාංගණයේදී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සදහා මුණගැසීමට නියමිතය.