News Line| Off Air
Generic placeholder image

Jul
12

දිවයිනේ ප්‍රදේශ රැසකට ගිඟුරුම් සහිත වැසි

514 Views


දිවයිනේ  ප්‍රදේශ රැසකට ගිඟුරුම් සහිත වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවලසවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවීම ඉඩ පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරනවා.

එමෙන්ම සබරගමුව පළාතෙත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 75 පමණ තරමක තද වර්ෂාපතනයන් ඇති විය හැකි බව වාර්තා වන අතර මේ අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල තැනින් තැන සවස 2.00 පමණ පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවෙන බව සදහන් වෙනවා.

ඒ අනුව ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොලොන්නරුව, මුලතිව් සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වර්ෂාපතනයන් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන අතර ගිඟුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post