News Line| Off Air
Generic placeholder image

Jul
12

තරගය පරාජය ගැන කෝලි සිය ටිවිටර් ගිණුම හරහා කනගාටුව පළ කරයි

810 Views


තරගය පරාජය ගැන කෝලි සිය ටිවිටර් ගිණුම හරහා කනගාටුව පළ කරයි

ඉන්දියාව සහ නවසීලන්තය අතර පැවති ක්‍රිකට් ලෝක කුසලාන අවසන් පූර්ව තරඟයෙන් ඉන්දියාව පරාජය වීමත් සමඟම ඉන්දියාව ලෝක කුසලානය ලබා ගනී යැයි බොහෝ දෙනා බලා සිටි නමුත් ඒ සිහිනය බිඳ වැ‍ටුණා. එමෙන්ම ඉන්දියා ක්‍රිකට් ලෝලීන්ටනම් මේ පරාජය දරාගත නොහැකි එකක් වුණ අතර නායක විරාත් කෝලිට බොහෝ දෙනා එම පරාජයේ වගකීම පැවරුවා.

විරාත් කෝලි ඊයේ තරඟ පරාජය වීමෙන් පසු තම ට්විටර් ගිණුමේ සටහනක් යොදා සදහන් කර තිබුණේ තම කණ්ඩායමට සහාය දැක්වූ සියළු ක්‍රීඩා ලෝලීන්ට ස්තූතිය පළ කරන බවත් එමෙන්ම තම කණ්ඩායම හැකි සෑම අයුරින්ම උපරිම උත්සාහා කල බවත් ප්‍රේක්ෂකයින්ට සේම තම කණ්ඩායමද බලාපොරොත්තු බිඳ වැටී ඇති බව ඔහු වැඩි දුරටත් සඳහන් කර තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post