News Line| Off Air
Generic placeholder image

Jul
12

විදෙස් යාත්‍රාවක තිබී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 60 ක් සමඟ සැකකරුවන් 9 දෙනෙකු අත්අඩංගුවට

481 Views


විදෙස් යාත්‍රාවක තිබී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 60 ක් සමඟ සැකකරුවන් 9 දෙනෙකු අත්අඩංගුවට

ගාලු වරායට ආසන්න මුහුදේ දී සැක කටයුතු විදෙස් යාත්‍රාවක තිබී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 60 ක් සමඟ සැකකරුවන් 9 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම යාත්‍රාවේ ධජයක් හෝ ලියාපදිංචි සලකුණු නොතිබුණු බව සඳහන් වන අතර
යාත්‍රාව තුළ තිබී සොයා ගත් මත්ද්‍රව්‍ය හෙරොයින් බවට සැක කෙරෙනවා.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර කියා සිටියේ අදාළ යාත්‍රාව මේ වන විට ගොඩබිමට රැගෙන එමින් තිබෙන බවයි.

එමෙන්ම පෙරේදා දිනයේදී ද ගාලු වරායට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශයේදී මෙරට ධීවර යාත්‍රාවක තිබී මත්ද්‍රව්‍ය සාම්පල් කිහිපයක් සමඟ සැකකරුවන් සිව් දෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙම ධීවර යාත්‍රාව සහ අත්අඩංගුවට ගත් සැකකරු විදේශීය යාත්‍රාව අතර කිසියම් සබදතාවක් තිබේ ද යන්න නාවික හමුදාව විසින් පරීක්ෂණය කරනු ලබනවා.


News Articles
Latest Videos
Most Popular Post