News Line| Off Air
Generic placeholder image

Jul
12

ලෝකයේ සෑම රජයක් සමග කටයුතු කරන්නේ එකම තත්ත්ව සහ ප්‍රමිතියට අනුකුලව බව ෆේස්බුක් කියයි

717 Views


ලෝකයේ සෑම රජයක් සමග කටයුතු කරන්නේ එකම තත්ත්ව සහ ප්‍රමිතියට අනුකුලව බව ෆේස්බුක් කියයි

ලෝකයේ විවිධ රජයන් කරන ඉල්ලීම් මත පදනම් වී ෆේස්බුක් ගිණුම්, ෆේස්බුක් පිටු හෝ ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ තිබෙන අන්තර්ගතයන් හෝ ඡායාරූප හෝ ඉවත් නොකරන බව ෆේස්බුක් සමාගමේ නිලධාරීහු පවසනවා.ෆේස්බුක් සමාගම හා ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය සෑම විටම ජාත්‍යන්තර ප්‍රමිත හා තත්ත්ව පිළිපදින බවත් ඒ මහතා වැඩි දුරටත් සදහන් කළා.

කොළඹදී ඔවුන්ගේ සහභාගීත්වයෙන් මාධ්‍ය හමුවක් ද පැවැත්වුණු අතර එහිදි අදහස් දැක්වූ ෆේස්බුක් සමාගමේ ප්‍රකාශකයෙකු සදහන් කලේ රජයන් වගේම නීතිය ක්‍රියාත්මක කරන ආයතන සමඟ කටයුතු කිරීමේදී අපි ඉතා විනිවිදභාවයෙන් වැඩ කරන බවත් ඒ වගේම අපි ලෝකයේ සෑම රජයක් සහ ආණ්ඩුවක් සමඟ කටයුතු කරන්නේ එකම විදියකට සහ ඒ තත්ත්ව සහ ප්‍රමිත වෙනස් වෙන්නේ නැති බවත්ය.

තවදුරටත් අදහස් දැක්වූ ඔවුන් රජයන් සහ ආණ්ඩු සමඟ කටයුතු ක්‍රියාවලිය ඉහළම ජාත්‍යන්තර ප්‍රමිත හා තත්ත්ව අනුගමනය කරන බවත් ඒ වගේම තම සමාගම මානව හිමිකම් සංවිධානවලට පොරොන්දු ලබා දී තිබෙන බවත් මෙහිදී පැවසුවා.

එමෙන්ම රජයකට හෝ ආණ්ඩුවකට එවැනි ඉල්ලීමක් කල හැක්කේ  නීත්‍යනුකූල ආයතනයක් මාර්ගයෙන් බවත් එමෙන්ම යම් පුද්ගලයෙක් දිගින් දිගටම අපේ ප්‍රතිපත්ති උල්ලංඝණය කරනවා නම් ඒ උල්ලංඝණය කිරීම්වල බරපතළකම අනුව අපි ඔවුන්ගේ ගිණුම හෝ පිටු ඉවත් කරන බවත් නමුත් එසේ වුවත් තම සමාගම එහෙම ගිණුම් හෝ පිටු හෝ ඉවත් කරන්න කලින් එම පුද්ගලයා දැනුවත් කරන බවත් ඔවුන් සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post