News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
12

විදුලිබල මණ්ඩලයේ රැකියාවක් දෙන බව පවසා මුදල් වංචාවක කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

500 Views


විදුලිබල මණ්ඩලයේ රැකියාවක් දෙන බව පවසා මුදල් වංචාවක කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

විදුලි බල මණ්ඩලයේ සන්නිවේදන තාක්ෂණ තනතුරක් ලබාදෙන බවට පොරොන්දු වෙමින් මුදල් වංචා කල හැටන් ලංගම ඩිපෝවේ හිටපු සේවකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය පැවසුවේ ප‍්‍රදේශයේ තරුණියකට එම තනතුර ලබදිම සදහා සැකකරු විසින් රුපියල් දෙලක්ෂ විසි පන්දහසක මුදලක් ලබා ගෙන ඇති බවයි.
තනතුර ලබා දිම සම්බන්ධයෙන් රාජ්‍යය ආයතන කිහිපයක ලිපි හුවමාරු වි ඇති බවට හුවා දක්වන ව්‍යාජ ලිපි කිහිපයක්ද තරුණියගේ විශ්වාසය ගොඩනැගිම සදහා සැකකරු විසින් ලබා දි තිබෙනවා.
ජනාධිපති ලේකම් කාර්යයාලය, අග‍්‍රමාත්‍යය කාර්යයාලය සහ විදුලි බල මණ්ඩලයේ ලිපි ශිර්ෂ යටතේ අදාල ව්‍යාජ ලිපි සකස් කර ඇති බවයි පොලීසිය පැවසුවේ.
එම රාජ්‍යය ආයතන වල උසස් නිලධාරින්ගේ අත්සන ව්‍යාජ ලෙස යොදා තිබුණද එම ලිපි වල නිල මුද්‍රාව තිබී නැහැ.
එම සැකකරුට ආදාල රාජ්‍යය ආයතන වල ලිපි ශිර්ෂ ලැබුණු ආකාරය සම්බන්ධයෙන් පුළුල් විමර්ෂනයක් සිදු කරන බව හැටන් පොලිසිය සදහන් කලා.
මේ අතරරුපියල් ලක්ෂ 20ක මුදල් වංචාවක් සම්බන්ධයෙන් බංගලාදේශ ජාතිකයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොළඹ වංචා විමර්ශන කාර්යංශයට ලද පැමිණිල්ලකට අනුව සැකකරු නාරම්මල ප‍්‍රදේශයේ දී අත්අඩංගුට ගත් බවයි පොලිස් මුලස්ථානය සදහන් කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ වංචා විමර්ශන කාර්යංශය මගින් වැඩිදුර විමර්ශන ක‍්‍රියාත්මකයි.


News Articles
Latest Videos
Most Popular Post