News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
12

ෂැන්ග්‍රිලා හෝටලයේ පිපිරීමකට ලක්ව තුවාල ලැබූ නීතිඥවරයකු කෝටි 50 ක වන්දියක් රජයෙන් ඉල්ලයි

1092 Views


ෂැන්ග්‍රිලා හෝටලයේ පිපිරීමකට ලක්ව තුවාල ලැබූ  නීතිඥවරයකු කෝටි 50 ක වන්දියක් රජයෙන් ඉල්ලයි

පාස්කු ඉරිදා සිදුවූ ප්‍රහාරය පිළිබඳ පූර්ව දැනුවත්ව තිබියදී ඊට නිසි පිළියම් නොයෙදීමෙන් තමන්ට සිදුවූ හානියට රජයෙන් රුපියල් කෝටි 50ක වන්දි මුදලක් අයකර දෙන ලෙස ඉල්ලා කොළඹ ෂැන්ගිලා හෝටලයේදී පිපිරී ගිය බෝම්බයට හසුවී තුවාල ලැබූ නීතිඥවරයකු ඊයේ (10) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකල අතර එම පෙත්සම හෙට (12) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවීමට නියමිත බව වාර්තා වෙනවාමෙහි වගඋත්තරකරුවන් වශයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර, රජයේ බුද්ධි අංශ ප්‍රධාන නිලන්ත ජයවර්ධන, විශේෂ ආරක්ෂකයන් දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියලාල් දසනායක යන මහත්වරු සහ නීතිපති ඇතුළු 44 දෙනෙක් නම් කරනු ලැබ ඇති බව වාර්තා වෙනවා.

එම ප්‍රහාරය පිළිබඳ පූර්ව දැනුවත්ව තිබියදී ඊට නිසි පිළියම් නොයෙදීමෙන් තමන්ගේත් රටේ ජනතාවගේත් මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි ප්‍රකාශයට පත් කරන්නැයිද පෙත්සම්කාර නීතිඥවරයා සිය පෙත්සම මඟින් වැඩි දුරටත් සඳහන් කර ඇති බව වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post