News Line| Off Air
Generic placeholder image

Jul
12

විනිසුරු තීරණයට අභියෝග කළ එංගලන්තයේ ජෙසන් රෝයිට ICC යෙන් දඩ නියම කරයි

823 Views


විනිසුරු තීරණයට  අභියෝග කළ එංගලන්තයේ ජෙසන් රෝයිට ICC යෙන් දඩ නියම කරයි

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවැති අවසන් පූර්ව තරගයේදී විනිසුරු තීරණයකට අභියෝග කරමින් පිටියේ කළහකාරීව හැසිරීම සම්බන්ධයෙන් එංගලන්ත ක්‍රීඩක ජේසන් රෝයි අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් වරදකරුවෙකු කර තිබෙන බව වාර්තා වෙනවා.

ජේසන් රෝයි ඒ අනුවනියමිත තරග ගාස්තුවෙන් සියයට 30 ක දඩයක්ද නියම කෙරුණු බවයි අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය වැඩි දුරටත් පැවසුවේ.

මෙම තරගයේදී කුමාර් ධර්මසේන ප්‍රධාන විනිසුරුවරයෙකු ලෙස කටයුතු කළ අතර ඔහු ලබාදුන් තීරණයක් සම්බන්දයෙනුයි ජේසන් රෝයි මෙලෙස විරෝධය පළ කළේ. ජේසන් රෝයි ලකුණු 85ක් ලබා සිටියදී ඔහු දැවී ගිය ක්‍රීඩකයෙකු ලෙස නම් කරමින් කුමර ධර්මසේන මෙම තීරණය ලබාදුන්නා. කඩුළු රකින්නා විසින් රැක ගත් උඩපන්දුවකින් ඔහු දැවී ගිය බවයි කුමාර ධර්මසේනගේ තීරණය වුණේ. නමුත් පුනරූපන වීඩියෝ දර්ශනවලින් පෙනී ගියේ එම පන්දුව කඩුළු රකින්නා විසින් රැක ගන්නේ පිත්තේ නොදැවටී බවයි. ඒ නිසා ජේසන් රෝයි පිටියෙන් ඉවත්වූයේ ද විනිසුරු තීරණයට විරෝධය පළ කරමින්.


News Articles
Latest Videos
Most Popular Post