News Line| Off Air
Generic placeholder image

Jul
13

කොළඹ මාර්ග කිහිපයක රථ වාහන ගමනාගමනය සීමා කෙරේ

1231 Views


කොළඹ මාර්ග කිහිපයක රථ වාහන ගමනාගමනය සීමා කෙරේ

හෙට (14) දිනයේ කුරුඳුවත්ත පොලිස් වසමේ මාර්ග කිහිපයක රථවාහන ගමනාගමනය සීමා කරන බව පොලිස් මුලස්ථානය නිවේදනය කරනවා.

නෙදර්ලන්ත තානාපති කාර්යාලය සහ කොළඹ මහ නගර සභාව ඒකාබද්ධව සංවිධානය කරන මෝටර් රථවලින් තොර කලාපය හෙවත් “CAR FREE ZONE” වැඩසටහන හේතුවෙන් මෙලෙස රථවාහන ගමනාගමනය සීමා කෙරෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කළා.

ඒ අනුව ග්‍රීන් පාත් මාර්ගය, කන්නන්ගර මාවත, නිදහස් මාවත, මේට්ලන්ඩ් චන්ද්‍රවංකය, ශ්‍රී ලංකා පදනම් මාවත සහ මාකස් ප්‍රනාන්දු මාවත යන මාර්ගවල රථවාහන ගමනාගමනය සීමා කෙරෙන බව සඳහන්.

මාර්ග වසා තැබෙන කාලය තුළ හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් සහ මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post