News Line| Off Air
Generic placeholder image

Jul
14

පළාත් කිහිපයකට අද තද වැසි

510 Views


පළාත්  කිහිපයකට අද  තද වැසි

දිවයින පුරා පවත්නා වැසි තත්ත්වය ඉදිරි දිනවලදීද තවදුරටත් පවතිනු ඇතැයි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.එමෙන්ම සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමට ඉඩ පවතින බවත් සෙසු ප්‍රදේශ වල තැනින් තැන සවස 2.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තුමේන්තුව වැඩි දුරටත් පැවසුවා.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 75 ක් පමණ තද වර්ෂාපතනයන් ඇති විය හැකි අතර ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 50 ට වැඩි තරමක තද වර්ෂාපතනයන් බලාපොරොත්තු විය හැකි බවද ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං අපේක්ෂා කල හැකි අතර ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post