අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ අපල දුරුවී ජනාධිපතිවරණයෙන් අබිෂේක ලබන්නැයි කියමින් කතරගම දේවාලයට ඇත් පැටවෙකු පූජා කිරීමට සූදානම් වන බව පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියෝ පවසනවා.
ඊට විරෝධය පළ කරමින් අරලියගහ මන්දිරයට ගොස් ලිපියක් බාර දී ආපසු පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත උන් වහන්සේ මෙසේ පූජා කිරීමට යන්නේ තාමත් මවු ඇතින්නගෙන් කිරි බොන කුඩා ඇත් පැටවෙකු බවද උන්වහන්සේ වැඩි දුරටත් සඳහන් කලා.