Android ජංගම දුරකථන මිලියන 25ක් පමණප්‍රමාණයක් නවතම Malware නොහොත් අනිෂ්ට යෙදුම් ග්‍රහණයට ලක්ව ඇතැයි නවතම සොයාගැනීමකින් හෙළිදරව් වී තිබෙනවා.මෙම Malware යෙදුම් චීන අන්තර්ජාල සමාගමක් සතු Android මෙහෙයුම් පද්ධතිය සදහාවූ යෙදුම් ලබාගැනීමට ඇති ‘9Apps‘ නම් යෙදුම් වෙළදසැලෙන් Android ජංගම දුරකථන මිලියන 25කට පමණ පතිරිගොස් ඇතැයි සොයාගැනීම් වලදී හෙළිවී තිබෙන්නේ.
9Apps නම් මෙම Android යෙදුම් වෙළදසැල චීනය, ඉන්දියාව, පකිස්තානය, ශ්‍රී ලංකාව වැනි රටවල් ඉලක්ක කරගනිමින් පවත්වාගෙන ගොස් ඇති අතර තෙවන පාර්ශවයක් විසින් නවීකරණයට ලක්කරන ලද Android යෙදුම් ලබාගැනීමටද මෙය ජනතාව අතර ජනප්‍රිය වී ඇතැයි සොයාබැලීම් වලදී අනාවරණය වී තිබේ.
මෙම අනිෂ්ට යෙදුම් භාවිතා කරමින් එම අනිෂ්ට යෙදුම් නිර්මාණ කරුට ඔබගේ ජංගම දුරකතනයේ ඇති සියලුම ලිපිගොනු, චායාරූප, සබැදුම් නැරබීමට හා ඒවායේ පිටපතක් අන්තර්ජාලය හරහා ලබාගැනීමට හැකියාව ඇති බැවින් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස සෑම විටම තෙවන පාර්ශවයක් මගින් නවීකරණයට ලක්කරන ලද Android යෙදුම් 9Apps වැනි යෙදුම් අලෙවිසැල් වලින් ලබාගැනීමෙන් වැලකි සිටින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින අතර ජංගම දුරකතනයට Android යෙදුම් ලබාගැනීමට Google Play Store භාවිතා කරන ලෙසත් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.