News Line| Off Air
Generic placeholder image

Jul
14

අක්මීමන පාසලේ සිදු වූ සිද්ධියෙන් මියගිය පුද්ගලයාගේ බිරිඳට රැකියාවක් සහ දරුවන් තිදෙනාට වෙනත් පාසල්

424 Views


අක්මීමන පාසලේ සිදු වූ සිද්ධියෙන් මියගිය පුද්ගලයාගේ බිරිඳට රැකියාවක් සහ දරුවන් තිදෙනාට වෙනත් පාසල්

අක්මීමන උපනන්ද විදුහල් බිමේදී හමුදා භටයකුගේ වෙඩි පහරින් මියගිය ප්‍රදීප් උදය කුමාර (39) මහතාගේ බිරිඳට රැකියාවක් හා දරුවන් තිදෙනාට වෙනත් පාසල් දීමට රජය තීරණය කර ඇති බව වාර්තා වෙනවා.

මෙයට අමතරව සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් වාර්තා පරික්ෂා කර බලා මෙම බිරියට යම් වන්දියක් දීමට හැකියාවක් තිබේ දැයි සොයා බැලීමට ද තීරණය කර තිබෙන අතර හමුදා වෙඩි පහරින් මියගිය ප්‍රදීප් උදයකුමාර මහතාගේ බිරිඳ ටී.යු.ටී. කුමාරි (38) මහත්මිය හා දරු තිදෙනා ගාලු දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී විජයපාල හෙට්ටිආරච්චි මහතා විසින් පාර්ලිමේන්තුවට පසුගියදා (11) කැඳවාගෙන එනු ලැබූ අතර ඔවුනට පාර්ලිමේන්තුවේදී අගමැතිවරයාත්, ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතාත්, අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාත් මුණගැස්සවූ බව මන්ත්‍රී විජයපාල හෙට්ටිආරච්චි මහතා වැඩි දුරටත් පැවසුවා.

මේ සිද්ධිය වූයේ ඉකුත් 4 වැනිදා වන අතර සිද්ධිය සම්බන්ධයෙන් එම හමුදා සෙබළා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබ සිටිනවා. මේ අතර මේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් පවත්වා වාර්තාවක් දෙන්නැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ආරක්ෂක ඇමැති රුවන් විජයවර්ධන මහතාට උපදෙස් දී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post