මේ වන විට සක්‍රියව පවතින නිරිතදිග මෝසම් තත්ත්වය සමග දිවයින පුරා දිස්ත්‍රික්ක කිහිපයක ඩෙංගු රෝගින් වාර්තා වීමේ සැළකිය යුතු ඉහල යෑමක් පෙන්නුම් කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සදහන් කරනවා.
පසුගිය අවුරුදු වලට වඩා ඩෙංගු රෝගය වැළදීමේ අවධානමක් මෙ වන විට පවතින අතර එයට එක් හේතුවක් ලෙස සොයාගෙන ඇත්තේ මෙම වෛරස් වර්ග වෙනස් වීමයි.එහිදි කලින් ඩෙංගු රෝගය වැළදි ඇති අයට නැවත් එම රෝගය වැළදීම සිදුවිය හැකි බව පැවසෙනවා.
තද උණ, හිසරදය, ඇස් යට වේදනාව, වමනය, ඔක්කාරය, ඇඟපත් වේදනාව වේදනාව වැනි රෝග ලක්ෂණ තියෙනවා නම් වෛද්‍යවරයෙකු හමුවී සම්පූර්ණ රුධිර පරීක්ෂාවක් සිදු කර ගන්නා බවට එම ඒකකය වැඩි දුරටත් සදහන් කරනවා.