මුලතිව් වට්ටපලේ ප‍්‍රදේශයේදී හමුදා ජීප් රථයක් අනතුරට ලක් වීමෙන් එක් හමුදා සෙබළෙකු මිය ගොස් තවත් 9 දෙනෙකු තුවාල ලබා තිබෙනවා
අනතුරට ලක්ව ඇත්තේ නිවාඩු ලබා ගෙන නිවෙස වෙත පැමිණීමට බස් රථය වෙත ගමන් කරමින් සිටි පිරිසක්.
යුධ හමුදා ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් සුමිත් අතපත්තු මහතා සඳහන් කළේ කාර්මික දෝෂයකට ලක් වීමෙන් ජීප් රථය පෙරළී අනතුර සිදුවන්නට ඇති ඇති බවට සැක පළ කරන බවයි.
තුවාලකරුවන් ප‍්‍රතිකාර සඳහා මුලතිව් රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා . අනතුරින් මිය ගොස් ඇත්තේ මහියංගණය ප‍්‍රදේශයේ පදිංහි අවිවාහක ලාන්ස් කෝප‍්‍රප්වරයෙක්.