News Line| Off Air
Generic placeholder image

Jul
15

වෛද්‍යවරුනුත් වැඩ වර්ජනයකට සැරසෙයි

901 Views


වෛද්‍යවරුනුත්  වැඩ වර්ජනයකට සැරසෙයි

වෛද්‍යවරුන් සහ තැපැල් සේවකයින් වැඩවර්ජනයක් ආරම්භ කිරීමට සූදානම් වන බව වාර්තා වෙනවා. දිවයින පුරා රෝහල්වලට සිදු කරන වෛද්‍ය පත්වීම් සම්බන්ධයෙන් මතුවූ අර්බුධයක් වෛද්‍යවරුන්ගේ වර්ජනයට හේතු වූ ඇති අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද සඳහන් කළේ සෞඛ්‍ය අමාත්‍යවරයා හෝ ඔහුගේ පවුලේ අවශ්‍යතාව මත හෝ එක් නිලධාරියෙකුගේ අවශ්‍යතාව මත පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන්ගේ පත්වීම් මාරු මණ්ඩලයේ අනුමැතියකින් තොරව ලබාදීමට කටයුතු කරන බවට තොරතුරු වාර්තා වෙන බවයි.
එමෙන්ම අදාළ ගැටලූව සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරිය සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාව ද දැනුවත් කර ඇති බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.
ඒ සම්බන්ධයෙන් තීරණයක් නොගතහොත්, ඕනෑම අවස්ථාවක හදිසි වෛද්‍ය වර්ජනයක් සිදු කිරීමට අදාළව අද (15) දිනයේ රැස්වී සාකච්ඡා කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් ප‍්‍රකාශ කළා.


News Articles
Latest Videos
Most Popular Post