ග‍්‍රෑන්ඞ්පාස් ප‍්‍රදේශයේ කළ වැටලීමකදී හෙරොයින් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය සදහන් කළේ අත්අඩංගුවට ගත් අවස්ථාවේ දී සැකකරුවන් සතුව හෙරොයින් ග‍්‍රෑම් 400ක් සහ රුපියල් ලක්ෂ දෙකක් තිබී සොයා ගත් බවයි.
වැලලම්පිටිය ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32 හා 39 වන පුද්ගලයින් දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් අද මාලිගාකන්ද මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර දින 7ක රැදවුම් නියෝග ලබා ගෙන ප‍්‍රශ්න කිරීමට නියමිතයි.
මේ අතර බොරැල්ල සහ පෑලියගොඩ ප‍්‍රදේශයේ සිදු කල වැටලීමකදී හෙරොයින් සමග කාන්තාවක් සහ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොවුන් සන්තකයේ තිබී තවත් ග‍්‍රෑම් 100ක් සොයාගත් බවයි පොලීසිය සදහන් කළේ.
ගතවු මාස 06 තුළ විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සැකකරුවන් 40,846 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගෙන ඇති මත්ද්‍රව්‍ය ප‍්‍රමාණය කිලෝ 3 500 කට අධිකයි.
විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධ තොරතුරු 19 84 දුරකතන අංකය වෙත දැනුම්දෙන ලෙස රජය ඉල්ලීමක් කර සිටිනවා.