හෙටට (16) යෙදී තිබෙන ඇසල පුර පසලොස්වක පොහෝ දින වසරේ අවසන් චන්ද්‍රග්‍රහණය දිස්වීමට නියමිතව තිබෙනවා.
හෙට මධ්‍යම රාත්‍රීය පසු වී විනාඩි 13ක් යන විට ග්‍රහනය ආරම්භ වන බවද මෙම චන්ද්‍රග්‍රහනය අර්ධ චන්ද්‍රග්‍රහනයක් බවද කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා හා අභ්‍යාවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසුවා.
පෘථිවියේ උප ඡායාව මගින් චන්ද්‍රයා ගමන් කිරීම නිසා චන්ද්‍රයාගේ ආලෝකයේ යම් කිසි අඩුවක් සිදු වන බවත් එම නිසා නිසි ලෙස එය දිස් නොවන බවත් සදහන්.
නමුත් 17 වනදා අළුයම 1.31 වන විට අඩ අදුරු පෘථිවියේ පූර්ණ ඡායාවකින් චන්ද්‍රයා ගමන් කිරීම නිසා චන්ද්‍රයා ක්‍රමයෙන් කළු රාශියකින් වැසි යන බව දැක ගැනීමට හැකි බවද ඒ මහතා ප්‍රකාශ කළා.
එමෙන්ම එදින අළුයම 3 වන විට චන්ද්‍රග්‍රහනය උපරිම ලෙස දැක ගැනීමට හැකි බවත් එවිට චන්ද්‍රයාගෙන් සියයට 65ක් පෘථිවියේ වඩා අදුරු වු පූර්ණ ඡායාවකින් වැසි යන බවත් ඒ මහතා කියා සිටියා.
නැවත මෙවැනි චන්ද්‍රග්‍රහනයක් පියවි ඇසට දැක ගැනීමට සිදු වන්නේ 2021 වසරේ මැයි මස 26 බව සදහන්.