News Line| Off Air
Generic placeholder image

Jul
16

පාවෙන අවි ගබඩාව සම්බන්ධ තීන්දුව හෙටට කල් යයි

593 Views


පාවෙන අවි ගබඩාව සම්බන්ධ තීන්දුව හෙටට කල් යයි

ඇවන්ගාඞ් පාවෙන අවි ගබඩාව සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීම වලක්වන ලෙස නියෝගයත් නිකුත් කරන ලෙස නියෝගයක් ලබාදෙන මෙන් ජාතික පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක ගොනු කළ පැමිණිල්ලේ තීන්දුව ප‍්‍රකාශයට පත් කිරීම හෙට දක්වා කල් ගබා තිබෙනවා.

ඒ කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා හමුවේ නඩුව කැඳවූ අවස්ථාවේදී.

ඇවන්ගාඞ් සිද්ධිය සම්බන්ධයෙන් එහි සභාපති නිශ්ශංක සේනාධිපති සහ ජාතික පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක ඇතුලූ 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධීකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා මීට පෙර වැඩබලන පොලිස්පති සී ඞී වික‍්‍රමරත්න මහතාට නියෝග කර තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post