News Line| Off Air
Generic placeholder image

Jul
16

ජනාධිපතිවරණයට මැතිවරණ කොමිෂන් සභාවෙන් දින නියම කරයි

567 Views


ජනාධිපතිවරණයට මැතිවරණ කොමිෂන් සභාවෙන් දින නියම කරයි

නොවැම්බර් මස 15 වනදා සහ දෙසැම්බර් මස 7 වනදා අතර ජනාධිපතිවරණය පැවැත්විය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය මහතා මේ බව සඳහන් කළේ ඊයේ ශ‍්‍රී ලංකා කතෘ සංසඳයේ සාමාජිකයන් සමග පැවැති සාකච්ඡාවකට එක්වෙමින්.

ජනාධිපතිවරණය නොවැම්බර් 15 හා දෙසැම්බර් 7 වනදා අතර කාලසීමාව තුළ පැවැත්විය යුතු බවයි මහින්ද දේශප‍්‍රිය මහතා සඳහන් කළේ.

නොවැම්බර් 16 වනදා ජනාධිපතිවරණය පවත්වන්නේ නම් නාම යෝජනා සැප්තැම්බර් තුන්වන සතියේ කැඳවනු ඇති.

සෙනසුරාදා දිනයක මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව උපරිම උත්සාහ කරන බව මැතිවරණ කොමිසාරිස්වරයා පවසනවා.

නොවැම්බර් මස 16, 23, 30 හා දෙසැම්බර් 7 යන දිනවල ජනපතිවරණය පැවැත්විය හැකි බවයි මහින්ද දේශප‍්‍රිය මහතා සඳහන් කළේ.

නොවැම්බර් 30 දෙසැම්බර් 7 අතර කාලය තුළ සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම නිසා එම  කාලය තුළදී ජනාධිපතිවරණය පැවැත්වීම ගැටලූවක්වී තිබෙන බවද කොමසාරිස්වරයා කියා සිටියා.

මැතිවරණ කොමසාරිස්වරයා සඳහන් කළේ ජනාධිපතිවරණයේදී අක‍්‍රමිකතා සිදු නොවීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කරන බවයි.

අක‍්‍රමිකතා සිදු නොවීම වලක්වා ගැනීම සඳහා මහ ජනතාව වගකීමෙන් කටයුතු කරන ලෙස මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය මහතා මහජනතාවගෙන් ඉල්ලීමක් කර සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post