News Line| Off Air
Generic placeholder image

Jul
16

රජවරුන් ඉදිකළ භූගත වැසිජල උමග ප‍්‍රතිසංස්කරණයට පාඨලීගෙන් උපදෙස්

1497 Views


රජවරුන් ඉදිකළ භූගත වැසිජල උමග ප‍්‍රතිසංස්කරණයට පාඨලීගෙන් උපදෙස්

මහනුවර ගංවතුර පාලනය සඳහා රජවරුන් ඉදිකළ භූගත වැසිජල උමග ප‍්‍රතිසංස්කරණයට අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා උපදෙස් ලබාදී තිබෙනවා.

ප‍්‍රතිසංස්කරණය සඳහා වැය කිරීමට යෝජිත මුදල රුපියල් ලක්ෂ දස දහස් එකසිය හැටක්.

උපාය මාර්ගික නගර සැලසුම් ව්‍යාපෘතිය මගින් ප‍්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීමට නියමිතයි.

2020 වසරේ අපේ‍්‍රල් වන විට මෙහි සියලූ කටයුතු අවසන් කරනු ඇති.

වසර 200කට වඩා පැරණි මෙම උමග දැඩි ලෙස අබලන් වී තිබුණා.

ප‍්‍රතිසංස්කරණය කරන උමග නිරීක්ෂණය කිරීමේ චාරිකාවකට පසුගියදා එක්වූ අමාත්‍ය පාඨළී චම්පික රණවක මහතා එහි වත්මන් තත්ත්වය සහ ප‍්‍රගතිය ද නිරීක්ෂණය කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post