මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට ගත් තීරණය අභියෝගයට ලක්කරමින් බන්ධනාගාර කොමසාරිස්වරයා ඇතුළු බලධාරීන් විසින්ගොනු කළ රිට් පෙත්සම ඔක්තොම්බර් මස 01දා කැඳවීමට අභියාචනාධිකරණය තීරණය කර තිබෙනවා. මෙම පෙත්සමට අදාළව අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනවාද නැද්ද යන්න පිළිබඳ නියෝගය අද (17) දින ප්‍රකාශයට පත් කිරීමට මීට පෙර දින නියම කර තිබුණත් එය අද දින ප්‍රකාශයට පත් නොකොට කල් තැබීමට අභියාචනාධිකරණය තීරණය කරා. ශ්‍රේෂ්ඨාධිකරණය මරණ දණ්ඩණය ක්‍රියාත්මක කිරීම වළකාලමින් අතුරු තහනම් නියෝගයක් මේ වන විට නිකුත් කර ඇති බැවින් අභියාචනාධිකරණය මෙම තීරණය ගෙන ඇත
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ විනිසුරු අර්ජුන ඔබේසේකර, දීපාලි විජේසුන්දර ,ජනක් ද සිල්වා, අචල වෙංගප්පූලි යන පස්දෙනෙකුගෙන් යුත් විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම කැඳවන ලදී. අභියාචනාධිකරණයට මෙම පෙත්සම විභාග කිරීමට බලයක් නොමැති බවට නීතිපතිවරයා මූලික විරෝධතා ඉදිරිපත් කර ඇත්තෙ මෙම පෙත්සම මගින් ජනාධිපතිවරයාගේ තීරණයක් අභියෝගයට ලක්කර ඇති බැවින්.
පෙත්සම්කරුගේ නීතිඥවරයා අධිකරණයට දන්වා තිබුණෙ මෙම පෙත්සම මගින් අභියෝගයට ලක්කර ඇත්තේ ජනාධිපතිවරයාගේ තීරණය නොවන බවත් මරණ දණ්ඩණය ක්‍රියාත්මක කිරීමට බන්ධනාගාර කොමසාරිස්වරයා ගෙන ඇති තීරණය පමණක් අභියෝගයට ලක්කරන බවයි.