News Line| Off Air
Generic placeholder image

Jul
17

තැපැල් වර්ජනය නිසා ලිපි ලක්ෂ 2 ක් මධ්‍යම තැපැල් හුවමාරුවේ ගොඩගැසේ

764 Views


තැපැල් වර්ජනය නිසා ලිපි ලක්ෂ 2 ක් මධ්‍යම තැපැල් හුවමාරුවේ ගොඩගැසේ

ඊයේ පස්වරු 4 සිට තැපැල් වෘත්තීය සංගම් ආරම්භ කල වර්ජනය තවදුරටත් ක‍්‍රියාත්මකයි. බඳවාගැනීම්, උසස්වීම් සහ වැටුප් තල අහිමි කිරීම ඇතුලූ ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් තැපැල් සේවකයින් මෙම වර්ජනය ආරම්භ කර තිබෙනවා.

මේ හේතුවෙන් ලිපි ලක්ෂ 2 ක් පමණ මධ්‍යම තැපැල් හුවමාරුවේ ගොඩගැසී ඇති අතර මේ දක්වා බලධාරින් තම ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාරයක් දක්වා නොමැති බවයි ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර කියා සිටියේ.

කෙසේ වෙතත්, තැපැල් සේවකයින්ගේ ගැටළු සම්බන්ධයෙන් ලබන සිකුරාදා පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී විසදුමක් ලබා දීමට හැකි වනු ඇති බව විෂයභාර අමාත්‍ය එම්.එච්.ඒ. හලීම් කියා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post