News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
17

කංජිපානි ඉම්රාන්ගේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයට නොතීසි

523 Views


කංජිපානි ඉම්රාන්ගේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයට නොතීසි

පාතාල සාමාජිකයකු වූ කංජිපානි ඉම්රාන් නමැත්තා සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇති කරුණු දෝෂ සහගත බවට කළ ඉල්ලීමක් අනුව කරුණු ඉදිරිපත් කිරීමට කොළඹ අපරාධ කොට්ඨාසයට ජූලි 19 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසිි නිකුත් කර තිබෙනවා.

නොතීසි නිකුත් කර ඇත්තේ කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් කාංචනා නේරංජනා ද සිල්වා මහත්මිය විසින්.

මහේස්ත‍්‍රාත්වරිය එම නියෝගය නිකුත් කර ඇත්තේ කංජිපානි ඉම්රාන් නමැත්තා වෙනුවෙන් අධිකරණයට මෝසමක් මගින් ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගනිමින්.

මේ අතර ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී රවීන්ද්‍ර විජේගුණවර්ධන මහතා සම්බන්ධ නඩුව ලබන ඔක්තෝබර් 9 වැනිදා තෙක් කල් තැබීමට කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා අද නියෝග කළා.


News Articles
Latest Videos
Most Popular Post