විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කලද අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි මැතිවරණයකදී ජනතා ජයග්රහණයක් ලබාගැනීමට කිසිදු අවස්ථාවක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා.
අද(17) මහනුවර දී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළ අතර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂා කිරීම සඳහා දෙමළ ජාතික සන්ධානය පෙනී සිටින බවද උන්වහන්සේ මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.
නමුත් බිම් මට්ටමේ සිටින හින්දු ජනතාව සම්පූර්ණයෙන් ආණ්ඩුවට විරුද්ධව සිටින බව පැවසු රතන හිමියන් ඔවුන් මේ ආණ්ඩුව වෙනස් කිරීමට සුදානමින් සිටින බවද ප්‍රකාශ කළා. මෙතෙක් පැවති සාම්ප්‍රදායික දේශපාලනය අවසන් කර, සිංහල, දෙමළ ගැඹුරු එකමුතුවක් කරා ගමන් කරමින් සිටින බවද රතන හිමියන් පැවසුවා.
පාර්ලිමේන්තුව තුළ රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කරත් රටේ ජනතාව තුළ ඔහු පරාජය වී ඇතැයි ද පාර්ලිමේන්තුවේ විශ්වාසභංගය ජයග්‍රහණය කරාට වැඩක් නෑ, පුළුවන් නම් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නැයි තමා අගමැතිවරයාට ආරාධනා කරන බවද රතන හිමියන් කියා සිටියා.
එසේ වුවහොත් රනිල් වික්‍රමසිංහ මහතා පමණක් නොව අගමැති වීමට මාන බලමින් සිටින සියලු බලවේග පරාජයට පත් කරන බවද වැඩිදුරටත් අදහස් දක්වමින් රතන හිමියන් පැවසුවා.