ලෝකයේ කිසිදු රටකට දෙවනි නොවූ මෙරට පුරාණ තාක්‍ෂණික ශිල්පීය ක‍්‍රම සහ දැනුම ආරක්‍ෂා කර ගනිමින් හෙට දවසේද නිපුණතාවයෙන් සහ දක්‍ෂතාවයෙන් ලෝකය ජය ගැනීමට තරුණ පරපුර කැප විය යුතු බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පැවසුවා.
ඒ සදහා අවශ්‍ය සෑම පහසුකමක්ම ලබාදෙන බව ජනාධිපතිවරයා කියා සිටියා. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කළේ අද පස්වරුවේ කොළඹ බණ්ඩාරණායක සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති ලෝක තරුණ නිපුණතා දින සැමරුම් උත්සවය අමතමින්.
ශී‍්‍ර ලංකා රජයේ යෝජනාවක් අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නම් කරන ලද තරුණ නිපුණතා දිනය එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් සියළු රටවල් ජූලි 15 වනදා සමරනු ලබනවා.