එංගලන්ත ලෝක කුසලාන සිහිනය සැබෑ කරමින් අවසාන මහා තරගයේ දී පන්දු අනූ අටක් තුළ නොදැවී ලකුණු 84 ක් රැස්කර ගනිමින් තරගයේ වීරයා සම්මානය දිනාගත් බෙන් ස්ටොක්ස්ට බ්‍රිතානයෙය් ඉහලම ගෞරවනාමය වන නයිට් පදවියක් පිරිනැමීම සූදානමක් ඇති බවට වාර්තා වෙනවා.
වර්තමාන එංගලන්ත අගමැති තෙරේසා මේ එම තනතුර නික්ම යාමෙන් අනතුරුව ඒ සදහා ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන අපේක්ෂකයන් දෙදෙනාම බෙන් ස්ටොක්ස්ට එම ගෞරව නාමය ලබා දීම සම්බන්ධයෙන් සුභවාදී ප්‍රතිචාර දක්වා ඇති බවයි වාර්තා වන්නේ.