News Line| Off Air
Generic placeholder image

Jul
18

කුවේට් රටින් ශ්‍රී ලාංකිකයින් 17,000ක් පිටුවහල් කරලා

933 Views


කුවේට් රටින් ශ්‍රී ලාංකිකයින් 17,000ක් පිටුවහල් කරලා

කුවේටයේ අනවසරයෙන් රැඳී සිටි විදේශිකයන් එක්ලක්ෂ හතලිස්ක් පමණ පසුගිය වසර හය තුළ එරටින් පිටුවහල් කරනු ලැබ ඇතැයි අරාබි බසින් කුවේටයේ පලකෙරෙන අල්-අන්බා පුවත්පත වාර්තා කරනවා.වීසා සහ කම්කරු නීති උල්ලංඝනය කලවුන් මෙන්ම අපරාධකරුවන් ද ඔවුන් අතර සිටින බවයි එහි සඳහන් වෙන්නේ. මේ අතරට අයත් ශ්‍රී ලාංකික පිරිස දාහත් දහසක් පමණ වන බවත් මෙම වාර්තාවේ දැක්වෙනවා.

එමෙන්ම ඒ 17000 න් දොළොස් දහසක් පමණ කාන්තාවන් බවයි වාර්තා වෙන්නේ. මෙලෙස පිටුවහල් කළ පිරිස් අතරින් එකම ජාතියකට අයත් වැඩිම පිරිස වාර්තා වන්නේ වාර්තාවන්නේ ඉන්දියාවෙන්. ඒ ආකාරයට කුවේටයෙන් පිටුවහල් කළ ඉන්දියානුවන් ගණන 29,000 ක් ඉක්මවා තිබුණා .


News Articles
Latest Videos
Most Popular Post