News Line| Off Air
Generic placeholder image

Jul
18

ගත වූ මාස හය තුල සුරාබදු දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 95ට වඩා දඩ මුදල් ලැබිලා

760 Views


ගත වූ මාස හය තුල සුරාබදු දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 95ට වඩා දඩ මුදල් ලැබිලා

මේ වසරේ ගත වූ මාස 6ක කාලය තුළ දිවයින පුරා සිදුකළ මෙහෙයුම් වලදී වල දී රුපියල් මිලියන 95 ඉක්මවා දඩ මුදල් අය කර ගැනීමට සුරාබදු දෙපාර්තමේන්තුවට හැකිවී ඇති බවයි එහි මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා සදහන් කරන්නේ. තවද මෙහිදී රුපියල් මිලියන 1350 කට අධික හෙරොයින් ඇතුළු මත්පැන් මත්ද්‍රව්‍ය සහ උපකරණ අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔහු පවසනවා.

දිවයින පුරා පිහිටි සුරාබදු ස්ථාන පනස් හතක් සහ විශේෂ මෙහෙයුම් ඒකක පහක් විසින් මෙලෙස සුරා සහ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අපරාධ හතලිස් නවදහස් හත්සිය හැට තුනක් අධිකරණයට ඉදිරිපත් කර අධිකරණය මගින් මෙම දඩ මුදල් අය කර ගෙන තිබෙන බවයි වාර්තා වෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post