News Line| Off Air
Generic placeholder image

Jul
19

ගාලු වරායේ ගල්පරයක සිරවූ නැවේ පිරිස බේරා ගැනීමට අපහසු තත්ත්වයක්

1488 Views


ගාලු වරායේ ගල්පරයක සිරවූ නැවේ පිරිස බේරා ගැනීමට අපහසු තත්ත්වයක්

ශ්‍රී ලංකාවට බලපා ඇති වැසි සහිත කුණාටු තත්ත්වය හේතුවෙන් ගාල්ල පිටත වරායේ නැංගුරම්ලා තිබූ ‘ශ්‍රී ලංකා ග්ලෝරි’ නම් නෞකාවක් නැංගුරම කඩාගෙන, ගසාගෙන ගොස් රූමස්සල සාම චෛත්‍ය අසළ ගල් පරයක වැදි සිර වී ඇති බව වාර්තා වනවා.

නෞකාව තුල 15 දෙනෙකු පමණ පිරිස සිටින බව සදහන්. මෙම නැව ගාල්ල රුහුණු සිමෙන්ති කම්හලට ක්ලින්කර් රැගෙන එමින් තිබූ අතර එහි සිටි නාවිකයින්ද සමග මෙසේ ගසාගෙන ගොස් ඇති බව ගාල්ල වරාය පොලිසිය සදහන් කළා.

මේ වනවිට ගාල්ල සහ ඒ අවට ප්‍රදේශවලට තද සුළං සමග ධාරාණිපාත වර්ෂාවක් ඇද හැලෙමින් පවතින අතර මුහුද ඉතා රළු වෙමින් ඇති හෙයින් එම ස්ථානයට යාමටද අපහසුවී තිබෙනවා.

කෙසේ නමුත් නෞකාවේ පිරිස බේරා ගැනීමේ කටයුතු ක්‍රියාත්මක වෙමින් පවතින බව සඳහන් වනවා.


News Articles
Latest Videos
Most Popular Post