News Line| Off Air
Generic placeholder image

Jul
19

ආපදා වලින් 04 දෙනෙකු මරුට – සැඩපහරට හසුව මියගියඅනෙක් දැරියෙගේ මල සිරුර ද සොයාගනී

512 Views


ආපදා වලින් 04 දෙනෙකු මරුට – සැඩපහරට හසුව මියගියඅනෙක් දැරියෙගේ මල සිරුර ද සොයාගනී

දිවයිනේ ප‍්‍රදේශ කිහිපයකට බලපා ඇති අයහපත් කාලගුණ තත්වයෙන් පුද්ගලයින් 04 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කලේ ආගරපතන ගිනිගත්හේන හා තෙල්දෙණිය ප‍්‍රදේශ වලින් මෙම අනතුරු වාර්තා වු බවයි.

ආගරපතන ප‍්‍රදේශයේ සැඩපහරට හසුව ගසාගෙන ගිය දැරියන් දෙදෙනාගෙන් අතුරුදන් වු අනෙක් දැරියෙගේ මල සිරුර ද සොයාගෙන තිබෙනවා. පොලීසිය සදහන් කළේ සැඩපහරට හසුවු ස්ථානයේ සිට කිලෝමීටරයක් පමණ දුරින් මළසිරුර සොයා ගත් බවයි.

අදාළ දැරිය මෙම අනතුරට මුහුණ පා ඇත්තේ ජලය ගලා බසින ඇළ මාර්ගයක් හරහා ඊයේ පස්වරුවේ නිවසට යාමට උත්සහ කල අවස්ථාවේ දීයි. පාසල් සිසුවෙක් සහ සිසුවියන් දෙදෙනෙකු ජල පහරට හසුව ගසා ගෙන ගොස් තිබුණා.
ඉන් පාසල් සිසුවා දිවි බේරාගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ.

දියේ ගිලී අතුරුදන් වු පාසල් සිසුවියන් දෙදෙනා සොයා මෙහෙයුම් ක‍්‍රියාත්මක කල අතර එහිදී එක් සිසුවියක් බේරාගෙන රෝහල්ගත කිරීමෙන් අනතුරුව මිය ගියා. මෙලෙස මිය ගොස් ඇත්තේ එකම පවුලේ දරුවන් දැරියන් දෙදෙනෙක්.

ගිනිගත්හේන ප‍්‍රදේශයේ අද උදෑසන සිදුවු නායයාමකින් වෙළදසැල් 10කට හානි සිදුව තිබෙනවා. පොලීසිය පැවසුවේ මේ හේතුවෙන් ගිනිගත්හේන පොලිසිය ඉදිරිපිට සිට බස් නැවතුම්පොල දක්වා මහනුවර මාර්ගය සම්පුර්ණයෙන්ම වසා දමා ඇති බවයි. එම මාර්ගයේ ගමන් ගන්නා වාහන කොළඹ මාර්ගය දෙසට ගමන් කර බස් නැවතුම්පොල හරහා ප‍්‍රධාන මාර්ගයට පිවිසිය හැකියි.

නාය යාමෙන් එක් පුද්ගලයෙකු අතුරුදන් වී තිබෙනවා. අතුරුදහන් වු පුද්ගලයා සොයා යුධ හමුදාව හා එක්ව මෙහෙයුමක් දියත් කර ඇති බවයි පොලීසිය පැවසුවේ.

මේ අතර තෙල්දෙනිය ප‍්‍රදේශයට ඇද හැලූන අධික වර්ෂාව සහ සුළං තත්තවය හේතුවෙන් ගසක් කඩා වැටි පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. පොලීසිය පැවසුවේ අදාළ පුද්ගලයා යතුරුපැදියකින් ගමන් කරමින් සිටින විට මෙම අනතුර සිදු ව ඇති බවයි.


News Articles
Latest Videos
Most Popular Post