News Line| Off Air
Generic placeholder image

Jul
19

අගමැති විසින් තිරිගු පිටි මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් වාර්තාවක් කැදවයි

486 Views


අගමැති විසින් තිරිගු පිටි මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් වාර්තාවක් කැදවයි

තිරිඟු පිටි මිල හදිසියේ රුපියල් 08 කින් ඉහළ දැමීම සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබෙනවා.

අරලියගහ මන්දිරයේදී එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිවරුන් පිරිසක් සමග පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇති අතර ඔහු පවසා ඇත්තේ මෙලෙස මිල ඉහළ දැමීමට තිරිඟු පිටි ආනයන සමාගම් තීරණය කිරීම අසාධාරණ බවයි.

මේ සම්බන්ධයෙන් ජීවන වියදම් පිළිබඳ කමිටුවෙන් විමසා බැලීමටද අග්‍රාමාත්‍යවරයා තීරණය කර ඇති බව වාර්තා වනවා.

මෙරට ප්‍රධානතම තිරිඟු පිටි ආනයන සමාගම වන ප්‍රීමා සමාගම තිරිඟු පිටි මිල රුපියල් 08 කින් ඉහළ දැමීමට තීරණය කළා.

ඒ අනුව බේකරි හිමියන් පාන් මිල රුපියල් 05 කින් ඉහළ දැමීමට තීරණය කළ අතර, ආණ්ඩුවේ මැදිහත්වීම මත පාන් මිල සංශෝධනය අහෝසි කිරීමට මේ වනවිට තීරණය කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post